අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනෙන් පිටත්ව ගියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් හෙට (22) සිට 29 වනදා දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිතය.
සබීනා යූසෆ් මහත්මියට සුබ පැතීම සඳහා වැඩසටහනේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා හා පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද, 2024 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරිය ඉෂාදි අමන්දා ඇතුළු ඇයගේ ඥාතී මිත්‍රාදීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

