6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදයට ලක්වූ පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මෙම තීරණය ඊයේ (06) දිනයේදී ගත් බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

