Monday, December 22, 2025
Homeදේශීය71 හැවිරිදි කාන්තාවගේ මරණය සැකසහිතයි – මිරිස් කුඩු ගසා සාක්ෂි මකා දැමූ...

71 හැවිරිදි කාන්තාවගේ මරණය සැකසහිතයි – මිරිස් කුඩු ගසා සාක්ෂි මකා දැමූ බවට සැකයක්

මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ නිවසකදී සැකකටයුතු තත්ත්වයකින් මියගොස් සිටි 71 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (24) හමුවිය.

පොලිස් විමර්ශන වලදී හෙළි වූයේ, මියගිය කාන්තාවගේ මුහුණේ, සිරුරේ සහ ඇඳ මත මිරිස් කුඩු තැවරී තිබීමයි. එමනිසා සාක්ෂි මකා දැමීමට උත්සාහයක් කළේ විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

අදාළ කාන්තාව නිවසේ තනිව ජීවත්ව සිටියි. අසල්වැසි කාන්තාවක් නිවසට පැමිණිය අවස්ථාවේදී ඇය මියගොස් සිටින අයුරින් හමුවූ බව සඳහන් වේ.

මරණයට හේතු වූ නිශ්චිත කරුණ තවමත් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇත.

මිනුවන්ගොඩ පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments