Wednesday, November 26, 2025
Homeසියලුම පුවත්76 වසරක සාපය කියා නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපහාස කළ රජයට දත්ත සාධක...

76 වසරක සාපය කියා නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපහාස කළ රජයට දත්ත සාධක සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇත්ත පෙන්වා දෙයි

.

76 වසරක කාලය තුළ ළමා හා මාතෘ මරණ අනුපාත වැඩි වී ආයු කාල වැඩි වී දර්ශක ගණනාවක් ඔස්සේ ජනතාවගේ සෞඛ්‍ය ගැන දත්ත බලන විට 76 වසර පුරා සිදුව ඇත්තේ ප්‍රගතියක්, සාර්ථකත්වයක් සහ ඉදිරියට යාමක් බවත් මේවා 76 වසරක සාපය ගැන කතා කරන අය පිළිගත්තේ නැති වුණාට ලෝක සෞඛ්‍ය සංවිධානය, UNICEF, UNISCO, WPF වැනි ආයතන මේවා පිළිගන්නා බවත් ඒ ගැන තමා සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වෘත්තිය සමිති සාමාජිකයන්ගේ කරපිටින් බලයට ආ වත්මන් රජය වෘත්තීය සමිති යෝජනා පිළිගන්න එපා යැයි දැන් කියන බවත් රෝහල්වල සිටින සේවකයන්, වෛද්‍යවරුන්, සම සෞඛ්‍ය නිලධාරින් මේ හිගය ගැන තොරතුරු ඉදිරිපත් කරන විට එවා පිළිගන්න එපා යැයි රජය කියන බවත් රෝග ප්‍රතිකාර හා රෝග නිවරාණය යන කොටස් 2ට අයිති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයු කාලය 77.2ක් වන විට ලෝකයේ 71.4ක් වන විට South East Asia වල 68.4ක් වන බවත් 76 වසරක සාපය කියන්නේ රජය මේකට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මාතෘ මරණ අනුපාතිකය අප රටේ උපත් 18.3ක් වන විට South East Asia වල 96.3ක් සහ ලෝකයේ සමස්තයක් ලෙස 197.3ක් බවත් ළමා මරණ අනුපාතය 1000කට අප රටේ 4.1ක් වන විට ලෝකයේ 17.3ක් බවත් South East Asia වල 16.1ක් බවත් මේ සියලු ප්‍රගිතීන් ලැබුවේ 76 වසරක කාලය තුළ බවත් මෙය 76 වසරක සාපය නොවන බවට රජය දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය සම්බන්ධ විවාදයට එක්වෙමින් පැවසීය.

76 වසරක සාපය කිය කිය විහිලු කරන්නේ සෞඛ්‍ය දර්ශක අගයන් පිරිහෙනවට කැමති අයයි

ඒක පුද්ගල වියදම දෙස බලන විට අප රට අඩුවෙන් වියදම් කර ගුණාත්මකභාවයෙන් ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන විට ඇ. එ. ජනපදය 12434ක්, නොර්වේ 9900යි, අයර්ලන්ඩ් 8200යි ජපානයේ 5300යි ස්විස්ටර්ලන්තයේ 10300ක් වන විට අප රටේ 611ක් බවත් අවම පිරිවැයකින් ඉහළ දර්ශක ලබා ගෙන ඉදිරියට ආවේ 76 වසරක සිටි ආණ්ඩු නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කරන්න දායකත්වය දැක්වූ නිසා බවත් මේ සාපය ගැන කිය කිය විහිලු කරන ආණ්ඩුව මේ අගයන් වැඩි වීමට කැමති නිසාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය නොදන්නවා වුණාට රටේ බරපතල ඖෂධ හිගයක් තිබෙනවා

2012 වන විට අප රටේ ජනගහන වර්ධනය සහ රෝහල් ඇදන් ප්‍රමාණය අනුව 3.6ක් වුවත් දකුණු කොරියාවේ 12.8ක් ජපානයේ 12.6ක් බවත් රෝගීන් සහ ඇදන් අතර ප්‍රමාණය දෙස බලන විට ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බවත් දැඩිසත්කාර ඇදන් පුද්ගලයන් ලක්ෂයකට 2.5ක් ඇති බවත් මෙය 50ක් විය යුතු බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය මෙවැනි තත්ත්වයක් උඩ බරපතල ඖෂධ හිගයක් ඇති බවත්ය.

පේන විදිහට 76 වසරක සාපේ පටන් ගත්තේ පසුගිය අවුරුද්දේ වගේ

ජාතික වශයෙන් හිග බෙහෙත් රාශියක් ඇති බවට වෛද්‍යවරු පවසන බවත් ජාතික රෝහලේ දැන්වීම් පුවරුවේ දක්වා ඇති දැන්වීමක් අනුව පරීක්ෂණ රාශියක් සම්පත් නොමැති නිසා සිදු නොකරන බවත් මේවා ජිවිත ආරක්ෂා කරන බෙහෙත් සහ පරීක්ෂණ බවත් මීට අමතරව තවත් ගැටලු රාශියක් ඇති බවත් සමහර පරීක්ෂණ කටයුතු පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවත් දැන් බලන විට 76 වසරක සාපය ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ සිට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටේ බුද්ධිගලනය එන්න එන්නම වැඩි වෙලා

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිගලනය වේගවත් බවත් අර්බුධයට පෙර වසරකට වෛද්‍යවරු 200ක් රට ගියත් 2022 සහ 2023 කාලයේ වෛද්‍යවරු 1800ක් රට ගිහින් ඇති බවත් මේ වෘත්තිමය දක්ෂයන් නිපුණයන් රට අතහැර යන්නේ ආදායම අඩු වී වියදම් වැඩි වීම මෙන්ම වෙනත් රටවල් අප රටේ සෞඛ්‍ය වෘත්තිකයන් ආකර්ෂණය කර ගැනීමට ගන්නා පියවර නිසා බවත් මෙය නැවැත්වීමට රජය පියවර ගත යුතු බවත් ඒ සදහා බදු සහන ඇතුළු තවත් සහන ලබා දෙන යෝජනා රාශියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට වාහන පර්මිට් එපා. ඒවා වෘත්තීයවේදීන්ට ලබා දෙන්න

මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලබා දෙන වාහන පර්මිට් ටික වෘත්තීයවේදීන්ට වෛද්‍යවරුන්ට ඉංජිනේරුවන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් කවුරු ආණ්ඩු කලත් මේ වෘත්තීයවේදීන් රට අතහැර ගියොත් රට කඩා වැටෙන බවත් උද්දච්ච නොවී මේ යථාර්ථය අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් රටේ දුප්පත්කම එන්න එන්න වර්ධනය වීම පවා රජයේ ඇමතිවරු නොදන්නා බවත් මේ වන විට ආහාර හා ආහාර නොවන වියදම් වැඩි වී ඇති අස්වැසුම දෙන්නේ මේවා හොයන්නේ නැතිව බවත් හිටපු රජයේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම වත්මන් රජය පිළිගැනීම කණාගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments