Friday, January 23, 2026
Homeදේශපාලන9ට 9ක් දැලේ ?

9ට 9ක් දැලේ ?

ගෝඨා ගෝ ගමට පහර දී මාසයක් ගෙවුණු දිනයේ එනම්, පසුගිය ජූනි නම වන දා කොළඹ පැවැති විරෝධතාවයන්ට සහ ඊට පසුදා එනම් ජූනි 10 වන දා පැවැති විරෝධතාවයන්ට සම්බන්ධ වූ අරගලකරුවන් 09 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අත් අඩංගුවට ගන්නා ලෙස නම් කළ සැකකරුවන් 09 දෙනා වන්නේ,

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ.

ළහිරු වීරසේකර.

රතිදු සේනාරත්න – රැට්ටා.

ජගත් මනුවර්ණ.

ධම්මික මුණසිංහ.

රත්කරව්වේ ජිනරතන හිමි.

එරංග ගුණසේකර.

ජෙහාන් අප්පුහාමි.

ගල්වැව සිරිධම්ම හිමි යන අයයි.

මෙම සිද්දිය සම්බන්දයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය (8) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වරෙන්තු නිකුත් කර තිබූ අතර පසුගිය (9) වන දින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වීමෙන් අනතුරුව ආපසු සිය නිවස වෙත පිටව ගොස් තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments