Saturday, December 20, 2025
Homeදේශපාලනපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින 17ක දිර්ඝ නිවාඩුවක් ලබාදී ඇති අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දින දෙකක විශේෂ නිවාඩුවක් අනුමත කර ඇත.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (19) අනුමත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව ජනවාරි 06 වනදා උදෑසන 9.30 දක්වා කල් තැබීය.

කථානායකවරයාගේ අනුමැතිය අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දෙසැම්බර් 22 සහ 23 යන දින විශේෂ නිවාඩු ලෙස ලබාදී ඇති අතර, මීට පෙර ප්‍රකාශයට පත් කළ දෙසැම්බර් 24 සහ 26 නිවාඩුද බලපැවැත්වේ.

ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය යළි රාජකාරි ආරම්භ කරන්නේ දෙසැම්බර් 29 වන සඳුදා දිනයේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments