ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ. මෙම භූ කම්පනය භූ කම්පන තීව්‍රතා පරිමාණය අනුව 5 වන මට්ටමේ (1 සිට 7 දක්වා) භූ කම්පනයක් ලෙස සටහන් වී ඇත.
එය එරට වේලාවෙන් අඟහරුවාදා පෙරවරු 10.18ට සිදුව ඇති බව සඳහන් වන අතර, මිනිත්තු 10ක පමණ කාලයකින් පසු යසුගි ප්‍රදේශයේදී තවත් භූ කම්පනයක් ද වාර්තා වී තිබේ. එම දෙවන භූ කම්පනය රික්ටර් මාපක 5.1ක් ලෙස ගණන් බලා ඇති අතර, එය තීව්‍රතා පරිමාණයෙන් 5ට වඩා අඩු මට්ටමක පවතින බවයි කියා සිටින්නේ.
මෙම භූ කම්පන සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, කෙසේ වෙතත් පසු කම්පන කිහිපයක් සිදුව ඇති බවද වාර්තා වේ.

