Tuesday, March 24, 2026
Homeදේශීයබේරුවල පාසල් දෙකක් අතර ගැටුමක් – සිසුන් 7ක් රෝහලට

බේරුවල පාසල් දෙකක් අතර ගැටුමක් – සිසුන් 7ක් රෝහලට

බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය සහ අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ වාදයක් දුරදිග යාමෙන් පසු ඊයේ (05) මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අලුත්ගම පාදාගොඩ විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අනෙක් පාසලේ සිසුන්ට පහරදීම සිදුව ඇති බවට එම විද්‍යාලයේ ගුරුවරියක් විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට ප්‍රදේශයේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇති බවයි.

එහිදී එක් සිසුවෙකුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments