Monday, March 30, 2026
Homeදේශීයමාරක අනතුරු කිහිපයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

මාරක අනතුරු කිහිපයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ මාරක රිය අනතුරුවලින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කැකිරාව රෝහල අසලදී ලොරි රථයක් පදික කාන්තාවක ගැටීමෙන් 65 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, එම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර – සියඹලාණ්ඩුව මාර්ගයේ සිදු වූ අනතුරකදී එළවළු ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී, 73 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. එම සිද්ධියට අදාළව රියැදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රන්දොඹේ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සියලු අනතුරු සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments