හෙට (12) සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි අතර, අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිය.
මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර වේගය පැ.කි.මී. 30-40 පමණ වේ. කොළඹ සිට මන්නාරම සහ මාතර සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩි විය හැකි අතර, එම ප්‍රදේශ තරමක් රළු විය හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

