ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී අවට වතුයායන්හි වතු සේවකයින් පිරිසක් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය.
එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වතු සේවකයින් විසින් ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් අතර, තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කළහ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් වතු කම්කරුවන් සඳහන් කළේ, තම ගැටලු පිළිබඳ සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා බවයි.

