නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී ඊයේ (10) පැවැත්විණි.
මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා පෙබරවාරි 28 වනදා දක්වා අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කළ හැකි බවත්, ඒවා සළකා බැලීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
සාකච්ඡාවට යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවය සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

