ජාතික ගීතය ගායනා කිරීමට අකමැතිව, තම මව් රටේ තත්ත්වයට විරෝධය පළ කළ Iran women’s national football team ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට Australia විසින් මානුෂීය වීසා බලපත්‍ර ලබා දී තිබේ. මෙම ක්‍රීඩිකාවන්ට එල්ල විය හැකි දේශපාලන පීඩන සහ තර්ජන හේතුවෙන් රැකවරණය අවශ්‍ය වූ බව වාර්තා වේ.
මෙම තීරණය, Anthony Albanese සහ Donald Trump අතර පැවති සාකච්ඡාවකින් පසු ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා Iran women’s national football team කණ්ඩායම පැමිණ තිබූ අතර, දකුණු කොරියාවට එරෙහි තරගයේදී ඉරාන ජාතික ගීතය ගායනා කිරීමෙන් වැළකී සිටියා. ඉන් අනතුරුව, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු විය.
රැකවරණය ලබාගත් ක්‍රීඩිකාවන් වන්නේ:
Zahra Sarbali Alishah
Mona Hamoudi
Zahra Ghanbari
Fatemeh Pasandideh
Atefeh Ramezanizadeh
Donald Trump මුලින් පවසූයේ, ඔවුන් යළි ඉරානයට පිටුවහල් කරනවා නම් මාරක තර්ජන ඇතිවිය හැකි බවය. කෙසේ වෙතත්, Anthony Albanese සමඟ සාකච්ඡාවකින් පසු, ඔස්ට්‍රේලියාව මෙම “සංවේදී තත්ත්වය” හොඳින් හසුරුවන බවත්, ක්‍රීඩිකාවන් ආරක්ෂිතව සිටින බවත් පවසන ලදී.
සෙසු ක්‍රීඩිකාවන් සඳහාද ඔස්ට්‍රේලියාවේ සහය විවෘතව පවතින නමුත්, පවුල් සාමාජිකයින්ට එල්ල විය හැකි තර්ජන හේතුවෙන් ඇතැම් ක්‍රීඩිකාවන් යළි ඉරානයට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
FIFPRO පවසන්නේ, පස් දෙනෙකුට රැකවරණය ලබාදීම සාධනීය පියවරක් වුවද, ඉතිරි ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් බරපතළ සැකයක් පවතින බවයි.
Iran women’s national football team ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට Australia හි රැකවරණය

