Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්අංක තහඩු මුද්‍රණයට නව වැඩපිළිවෙල

අංක තහඩු මුද්‍රණයට නව වැඩපිළිවෙල

මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණ කටයුතු නව සමාගමකට පැවරීම සහ එයට අදාළ ගිවිසුමට අත්සන් කිරීම අද (10) සිදු විය. මෙම අවස්ථාවට කමල් අමරසිංහ මහතා සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්, මාර්ග ප්‍රවාහන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියහ.
කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, අදාළ ගිවිසුමට අනුව මාස තුනක් ඇතුළත නව සමාගම අංක තහඩු මුද්‍රණය ආරම්භ කළ යුතු බවයි. ගිවිසුම ප්‍රසම්පාදනය කිරීම සඳහා කාලයක් ගතවූ අතර, කැබිනට් මණ්ඩල අනුමැතිය සහ නීතිපති උපදෙස් අනුව මේ වන විට එය අත්සන් කර ඇත.
කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ, ව්‍යාපෘතිය බිලියන 3ක වටිනාකමින් යුත් අතර වසර පහක කාලයක් සඳහා සමාගමට ලබා දී ඇති බවයි. නව මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමේදී වේරහැර කාර්යාල පරිශ්‍රයේ ඉඩ පහසුකම් යොදා ගනු ඇති අතර, මාස දහයක කාලයක් තාවකාලිකව අංක තහඩු මුද්‍රණ නවතා දැමූ බවත්, අප්‍රේල් අග සහ මැයි මුල සතියේදී කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
ඉන්දීය සමාගම මූලික ඉදිකිරීම් කටයුතු පටන්ගෙන ඇති අතර, අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ආනයනය සඳහා සියලුම කටයුතු සූදානම් කර තිබෙන බවත්, සති තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අපේක්ෂාවද පල කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments