Friday, January 23, 2026
Homeදේශීයඅද උදෑසන ආරම්භ කල දුම්රිය සේවක විරෝදතා වැඩවර්ජනය අවසන්

අද උදෑසන ආරම්භ කල දුම්රිය සේවක විරෝදතා වැඩවර්ජනය අවසන්

අද(01) උදෑසන දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවතාදමා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍යට සඳහන් කළේ, සේවය සඳහා පැමිණීමට ඉන්ධන නිකුත් කරන්නැයි, සේවකයින් කළ ඉල්ලීම අනුව දෙපාර්තමේන්තුවේ ඉන්ධන සංචිතවලින් ඉන්ධන නිකුත් කළ බවයි.

අද පස්වරු 3 වන තෙක් සේවකයින් සදහා ඉන්ධන නිකුත් කළ බව එම නිලධාරියා සඳහන් කළේ ය.

හදිසියේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අද දහවල් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත්වූ අතර කොටුව දුම්රියපොළ අසල උණුසුම් තත්වයක් පැවතීය.

වර්ජනය අවසන් වූවත් දුම්රිය ගමන්වාර නැවත ආරම්භ කිරීම ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments