සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් Dubai International Airport හි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර, ඒ අනුව ආරක්ෂක පූර්ව පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිටත් අදාළ අංශ කටයුතු කරමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.
එමෙන්ම තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු ලබාගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සමඟ සම්බන්ධ වන ලෙස සංචාරකයින්ට උපදෙස් ලබාදී ඇත. ✈️
ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතයි

