මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම් පාලනය කිරීම සඳහා කමිටු තුනක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය Harini Amarasuriya මෙනවිය පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කළේ, එම තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අඛණ්ඩව ජනතාවට ලබාදීම සහ ඒවා කළමනාකරණය කිරීම සඳහා එක් කමිටුවක් පත් කර ඇති අතර, රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කළමනාකරණය කිරීම සඳහා තවත් කමිටුවක් පත් කර තිබේ.
එමෙන්ම බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙනම කමිටුවක්ද පත් කිරීමට පියවර ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, මෙරට පාලනයෙන් පිට සිදුවන ගෝලීය තත්ත්වයන් හේතුවෙන් ආර්ථිකය හා බලශක්ති ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දෙන අතර, එවැනි වෙනස්වන තත්ත්වයන් හඳුනාගෙන ඒවාට සාර්ථකව ප්‍රතිචාර දක්වීම රජයේ වගකීම බවයි
මැදපෙරදිග තත්ත්වය හමුවේ ආර්ථිකය කළමනාකරණයට කමිටු තුනක්

