ඉන්ධන ගැටලුව හේතුවෙන් අද (18) සිට සෑම බදාදා දිනකම රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.
මෙම නිවාඩුව පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයටද අදාළ වන අතර, සෞඛ්‍ය, වරාය, ජලය සහ රේතු වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා එය අදාළ නොවන බව Prabath Chandrakeerthi මහතා සඳහන් කරයි.
විශේෂ නිවාඩුව හේතුවෙන් අද දුම්රිය ධාවනය සෙනසුරාදා කාලසටහනට අනුව පමණක් සිදුකරන බව Sri Lanka Railways දැනුම් දී ඇත.
මේ අතර බස්රථ ධාවනය ජනතාවගේ අවශ්‍යතාව අනුව සිදුකරන බව Sri Lanka Transport Board පවසයි. කෙසේවෙතත්, කාලසටහන් කිහිපයක් සංශෝධනය කර ඇති බවද සඳහන් වෙයි
අද බස් ධාවනය අවශ්‍යතාව අනුව – දුම්රිය ධාවනයෙත් වෙනසක්

