Sunday, March 22, 2026
Homeආර්ථිකසයිනොපෙක් ඉන්ධන මිල ඉහළට – සුපිරි ඩීසල් 600ට ළං

සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට – සුපිරි ඩීසල් 600ට ළං

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සයිනොපෙක් සමාගම ද සිය මිල ගණන් වැඩි කර තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ ගොස් නව මිල රුපියල් 487ක් ලෙස නියම කර ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ ගොස් රුපියල් 572ක් දක්වා වැඩි වී ඇති අතර එය රුපියල් 600 සීමාවට ළංව තිබේ.
එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ ගොස් රුපියල් 398ක් දක්වා වැඩි වී ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ ගොස් රුපියල් 382ක් ලෙස නියම කර ඇත.
මෙම නව මිල ගණන් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සයිනොපෙක් සමාගම සඳහන් කරයි.
මෙයට සමගාමීව ලංකා IOC සමාගම ද තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (21) සිට ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ වෙළඳපොලේ සමස්ත මිල ගණන් ඉහළ යාමක් දක්නට ලැබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments