තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, එළැඹෙන 04 වැනිදා පස්වරුවේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත අතර, මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය 85% ඉක්මවා තිබීම විශේෂත්වයකි.
මෙවර දේශපාලන සටනේ වැඩි අවධානය යොමුව ඇත්තේ විජේගේ නව දේශපාලන ආගමනය සහ එම්. කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK සන්ධානය අතර තරගයටය.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රතිඵලය ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලනයට පමණක් නොව ශ්‍රී ලංකාව සමඟ පවතින ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටද බලපෑම් කළ හැකි බවයි.
තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵලයට ලෝක අවධානය

