අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හබරාදූව කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණුසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ කාන්තාවන් දෙදෙනා ඇඟළුම් කම්හලක සේවය කරන අතර, නේවාසික ස්ථානයේ රැඳී සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවයි.
තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අකුණුසැර වැදී කාන්තාවක් මරුට

