ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (06) දෙවන දිනටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Donald Trump විසින් ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා සාම එකඟතාවක් ඇති විය හැකි බවට කළ ප්‍රකාශයත් සමඟ මෙම මිල පහළ යාම සිදුව ඇති බව සඳහන් වේ.
මැදපෙරදිග කලාපයෙන් තෙල් සැපයුම යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි පවතින බලාපොරොත්තු මේ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.35 දක්වා පහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.77 ලෙස සටහන් වී තිබේ.
ට්‍රම්ප්ගේ තීරණ හමුවේ ලෝක බොරතෙල් මිල පහළට

