ධාරා ප්රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ජලාශයෙන් තත්පරයට ජලය ඝන අඩි 5,500ක් දැදුරු ඔයට මුදාහරින බව සඳහන් වේ.
මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක්ද විවෘත කර ඇති අතර, එමඟින් තත්පරයට ජලය ඝන අඩි 14,565ක් කලා ඔයට නිකුත් කෙරේ.
එමෙන්ම අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ජලය ඝන අඩි 653ක් කලා ඔයට මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි

