ඉරානය සමඟ ක්‍රියාත්මක සටන් විරාමය අවදානම් තත්ත්වයක පවතින බව එක්සත් ජනපද ජනාධිපති Donald Trump ප්‍රකාශ කර තිබේ.
යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට ඉරානය ලබාදුන් ප්‍රතිචාරයෙන් පසුව දෙපාර්ශ්වය අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවක් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යුධ හානි සඳහා වන්දි, නාවික අවහිරතා ඉවත් කිරීම, නැවත ප්‍රහාර නොඑල්ල කිරීමේ සහතිකය සහ තෙල් අපනයන යළි ආරම්භ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉරානය විසින් ඉල්ලා ඇති බව සඳහන් වේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්රිත ගැටුම් තත්ත්වය හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළටද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන-අමෙරිකා සටන් විරාමය අවදානම් තත්ත්වයක

