Homeසියලුම පුවත්අයහපත් කාලගුණයෙන් නිවාස 88කට හානි

අයහපත් කාලගුණයෙන් නිවාස 88කට හානි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 88ක් අර්ධ හානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම නිවාස හානි දිස්ත්‍රික්ක 7කින් වාර්තා වී ඇති අතර, වැඩිම හානියක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කය තුළින් වන අතර එහි නිවාස 40ක් අර්ධ හානියට ලක්ව තිබේ.
මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය සහ මොනරාගල දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසකින්ද නිවාස හානි වාර්තා වී ඇත.
එසේම, අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 29කට අයත් පුද්ගලයින් 104 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක තාවකාලිකව රඳවා සිටින බවද වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments