ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (03) දිනයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
නවතම වෙළෙඳපොළ දත්ත අනුව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.24ක වර්ධනයකි.
එසේම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.08ක වැඩිවීමක් ලෙස සටහන් වී තිබේ.
අනෙක් අතට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.09 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.76ක වර්ධනයක් ලෙස වාර්තා වී ඇත.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළට

