Homeසියලුම පුවත්Beauty and the Beast" ගීතයෙන් ජනප්‍රිය වූ පීබෝ බ්‍රයිසන් අභාවප්‍රාප්ත වෙයි

Beauty and the Beast” ගීතයෙන් ජනප්‍රිය වූ පීබෝ බ්‍රයිසන් අභාවප්‍රාප්ත වෙයි

ග්‍රැමී සම්මානලාභී සෝල් ගායකයෙකු වන Peabo Bryson ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඔහු 75 වන වියේ පසුවිය. “ආදරයේ හඬ” ලෙස හඳුන්වනු ලැබූ පීබෝ බ්‍රයිසන්, ඩිස්නි චිත්‍රපට සඳහා ගායනා කළ ගීත හරහා ලොවපුරා ජනප්‍රියත්වයට පත්විය.
විශේෂයෙන් Beauty and the Beast ගීතය Celine Dion සමඟත්, A Whole New World ගීතය Regina Belle සමඟත් ගායනා කරමින් ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්විය.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, මරණයට පෙර ආඝාත තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.
1970 දශකයේ සිට 2010 දක්වා දිගු සංගීත දිවියක් ගත කළ පීබෝ බ්‍රයිසන් ජනප්‍රිය ගීත රැසකට දායක වෙමින් සංගීත ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන සිටියේය

RELATED ARTICLES

Most Popular

Recent Comments