ගාල්ල ප්‍රදේශයේ 16 හැවිරිදි තරුණයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සොරකම් කිරීමේ සිද්ධියකට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයාට පැමිණිලිකාර පාර්ශ්වය විසින් පහරදී ඇති බවට ඔහුගේ මව කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර 47 හැවිරිදි කාන්තාවක්, ඇයගේ සැමියා සහ ඔවුන්ගේ 17 හැවිරිදි දියණිය හා පුත්‍රයාද සිටින බව පොලීසිය පවසයි.
මේ අතර, වව්නියාව ප්‍රදේශයේ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ 14 සිට 17 දක්වා වයස්වල සිසුන් හත්දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන 10 වැනිදා දක්වා පරිවාස භාරයට පත්කර තිබේ.
16 හැවිරිදි තරුණයෙකුට පහරදුන් පවුලේ සිව්දෙනෙක් අත්අඩංගුවට

