ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් ඇතැම් ඖෂධවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ඒ අනුව ආනයනික සහ දේශීයව නිෂ්පාදනය කරන ඖෂධවල මිල සංශෝධනය කිරීම සඳහා මූලික සැලසුම් මේ වනවිට සකස් කරමින් පවතින බව එම අධිකාරිය සඳහන් කරයි.
ගැසට් මඟින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ක මිල ගණන්ද සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත්, සියලුම ඖෂධවල මිල ඉහළ නොයන අතර, ඇතැම් ඖෂධ වර්ගවලට පමණක් මිල වැඩිවීමක් සිදුවිය හැකි බව ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.
ඖෂධ මිල ඉහළ දැමීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

