Homeසියලුම පුවත්දඩල්ලේදී බස් රථයක් අනතුරට - තිදෙනෙකුට තුවාල

දඩල්ලේදී බස් රථයක් අනතුරට – තිදෙනෙකුට තුවාල

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩල්ල ප්‍රදේශයේදී අද (04) උදෑසන මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් වන අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටී ඇති බවයි.
අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments