Monday, September 23, 2024
Homeදේශපාලනඅභියෝග හමුවේ පැන නොයන ගෝඨාභය රටින් පිට වෙයි

අභියෝග හමුවේ පැන නොයන ගෝඨාභය රටින් පිට වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) දිවයිනෙන් පිටත් ව ගිය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන තහවුරු කළා.

අද පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක දී කතානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් සමඟ අඛණ්ඩ ව සන්නිවේදන කටයුතු සිදු කරන බව යි.

කොළඹ ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස පසුගිය 9 වැනි දා කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්‍යාලයයේ පාලනය ඔවුන් අතට ගැනීමට සමත් වුණා.

ඒත් සමඟ ම කොටුව ජනාධිපති මන්දිරයෙන් ඉවත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ දෙදෙනා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

පෙරේදා දින රාත්‍රියේ මුහුදු මාර්ග ඔස්සේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත පිටත් ව ගිය ජනාධිපති ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ දෙදෙනා ඊයේ දින පෙරවරුවේ නාවික හමුදා කඳවුරට ඇතුළු වූ බව යි වාර්තා වුණේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments