චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය 10 වැනි වරටත් චීනයේ යුන්නාන් පළාතේ කුන්මිං නගරයේදී ආරම්භ වී තිබේ.
දින හයක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල සමාගම් 560කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වන අතර, රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 68ක නියෝජිතයන් ද එක්ව සිටිති.
කලාපයේ සංස්කෘතික විවිධත්වය, හස්ත කර්මාන්ත, ආහාර, වාණිජ නිෂ්පාදන සහ නවීන තාක්ෂණික ජයග්‍රහණ ප්‍රදර්ශනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, කලාපීය වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇත.
චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ප්‍රදර්ශනය වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.
චීනයේ දකුණු ආසියානු සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය ඇරඹෙයි

