Homeසියලුම පුවත්යුද ගැටුම් අවසන් කිරීමට අමෙරිකාව හා ඉරානය අතර ඓතිහාසික ගිවිසුමක්

යුද ගැටුම් අවසන් කිරීමට අමෙරිකාව හා ඉරානය අතර ඓතිහාසික ගිවිසුමක්

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශයේ වර්සයිල්ස් මාලිගයේදී පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර, එම අවස්ථාවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ද එක්ව සිටි බව සඳහන් වේ.
ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, “මම ඒ සඳහා දැන්ම අත්සන් කළා” යනුවෙනි.
මෙම ගිවිසුම මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments