ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 50,459 දෙනෙකු සහ ඩෙංගු මරණ 30ක් වාර්තා වී ඇති බවයි.
මදුරු ඝනත්වයේ අඩුවීමක් දක්නට නොලැබෙන බැවින්, නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් බව ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කළාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, දිගු සති අන්තයේදී ජනතාව තම පරිශ්‍ර පිරිසිදු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, දින දෙකකට වැඩි කාලයක් උණ පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගෙන රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත් බවත්ය.
ඩෙංගු රෝගය තහවුරු වන තෙක් උණ පාලනය සඳහා පැරසිටමෝල් ඖෂධ පමණක් භාවිත කරන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.
වසරේ ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි

