2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර ඊයේ (19) රාත්‍රීයේ වීථි සංචාරය කළේය.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1716 වැනි ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 6.41ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කෙරුණි.
වසර 25කට පසුව දෙවැනි කුඹල් පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ශ්‍රී දළදා මාළිගාවේ ජනරාජා හස්තියාට හිමිවීම විශේෂත්වයකි.
දෑලේ ඇතුන් ලෙස මියන් රාජා සහ සිංහ රාජා හස්තීන් ගමන් ගත්හ.
ශ්‍රී දළදා මාළිගාව අසලින් ආරම්භ වූ පෙරහැර සිව් මහා දේවාල පෙරහැරද කැටුව වැව පාර, දළදා වීදිය සහ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීම සිදුවිය.
තුන්වැනි කුඹල් පෙරහැර අද (20) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ඇසළ පෙරහැරේ දෙවන කුඹල් පෙරහැරේ සිරි

