Homeසියලුම පුවත්සරසවි ඇදුරන් අද වැඩවර්ජනයක

සරසවි ඇදුරන් අද වැඩවර්ජනයක

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (09) දිවයින පුරා එක්දින වැඩවර්ජනයක නිරත වෙති.

විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට ආණ්ඩුව මේ වනතෙක් අපොහොසත් වී ඇති බවයි.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළද, ඒ සඳහා මෙතෙක් ස්ථිර විසඳුම් ලබාදී නොමැති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් අද දිනයේ මෙම එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments