Sunday, January 25, 2026
Homeදේශීයනැවතත් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් මතුවෙයි ?

නැවතත් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් මතුවෙයි ?

8 වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා ඊයේ (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන අය මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පවසන්නේ උදය ගම්මන්පිල මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව තමාට ඇතිවූ සැකය හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී තමන්ටද කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇතිබවට හදුනාගත් බවයි.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය භාවිතා කළ අතර අනෙකුත් මන්ත්‍රීවරුන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන අයුරුද දක්නට ලැබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments