Homeසියලුම පුවත්ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැමිණි භික්ෂූන් මාර්ගයේ අසුන් ගනී

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැමිණි භික්ෂූන් මාර්ගයේ අසුන් ගනී

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගයේ අසුන්ගෙන විරෝධය පළ කර තිබේ.තමන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම්වරයා ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම විරෝධතාව සිදුකර ඇත.මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාව’ අද (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟා වූ අතර, එහිදී භික්ෂූන් වහන්සේලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සෙත් පිරිත් සජ්ඣායනාවක්ද සිදු කළහ.පාගමනේ හයවැනි දිනය වූ අද එය කඩවතින් ආරම්භ කර කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබේ.පාද යාත්‍රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර, ගාලු මුවදොර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අසලින් පසුගිය 10 වැනිදා මෙම පාද යාත්‍රාව ආරම්භ කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments