දිවයිනේ බොහෝ ප්රදේශවලට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල, පොලොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්රික්කයේ වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකිය.

