ලක්විජය විදුලි බලාගාරය අක්රිය වීම හේතුවෙන් අද (20) දිනයේදීත් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.ජාතික පද්ධති ක්රියාකරු සමාගම කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (19) සඳහන් කළේය.ඒ අනුව අද පස්වරු 4.30 සිට රාත්රී 9.00 දක්වා කාලය තුළ දිවයිනේ සියලු ප්රදේශ කලාප හතරකට බෙදා පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව තිබේ.කෙසේ වෙතත්, රෝහල් සහ අත්යවශ්ය සේවා සපයන ස්ථාන ආශ්රිතව විදුලි කප්පාදුවක් සිදු නොවන බව සඳහන් වේ.පසුගිය සෙනසුරාදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමෙන් පසු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය වී තිබේ. විදුලි සැපයුම කළමනාකරණය කිරීමේ අරමුණින් දිනපතා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ජාතික පද්ධති ක්රියාකරු සමාගම තීරණය කර ඇත.ඒ අනුව ඊයේ දිනයේද විදුලි කප්පාදුව සිදුකෙරුණු අතර අද සහ හෙට (21) යන දිනවලද එය ක්රියාත්මක කිරීමට සිදුවන බව එම සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළේය.

