ප්රබල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.අද (20) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (21) අලුයම 1.30 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව මධ්යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්රික්කයේ ජනතාවටද මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.එම ප්රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

