Homeසියලුම පුවත්බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, අදාළ පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකි බවයි.මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසට උපදෙස් ලබාදී තිබේ. එම මුහුදු ප්‍රදේශවල දැනටමත් රැඳී සිටින ධීවර හා නාවික ප්‍රජාවට ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ද දැනුම් දී ඇත.අද (22) දින ලබාගත් දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ මෙම පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව තක්සේරු කර තිබේ.එබැවින්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments