Homeසියලුම පුවත්වී වගාවට පමණක් සීමා නොවී තවත් ආහාර භෝග 12කටත් රජයෙන් වගා සහනාධාර

වී වගාවට පමණක් සීමා නොවී තවත් ආහාර භෝග 12කටත් රජයෙන් වගා සහනාධාර

ගොවි ජනතාවට ලබාදෙන වගා සහනාධාර වැඩසටහන වී වගාවෙන් ඔබ්බට පුළුල් කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව වී වගාවට අමතරව තවත් ආහාර භෝග වර්ග 12ක් සඳහා ද සහනාධාර ලබාදීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ යටතේ වී ඇතුළු භෝග වර්ග 13ක් වගා කරන ගොවීන්ට සහනාධාර හිමිවීමට නියමිතය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගොවීන්ට ලැබෙන මෙම මුදල් පොහොර මිලදී ගැනීම, ඉඩම් සකස් කිරීම සහ වගා කටයුතුවලදී ඇතිවන වෙනත් අවශ්‍යතා සඳහා තමන්ට කැමති පරිදි භාවිත කළ හැකි බවයි.

එමෙන්ම පෙර පැවති සහනාධාර මුදලට සාපේක්ෂව වත්මන් වැඩපිළිවෙළ යටතේ ගොවීන්ට ලබාදෙන සහනාධාර ප්‍රමාණය ඉහළ නංවා ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම සහනාධාර ලබාදීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, වී වගා කරන ඉඩම්වල අතිරේක ආහාර භෝග වගා කරන ගොවීන්ට ද එම ප්‍රතිලාභ හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments