Homeසියලුම පුවත්'මුරසු' සුළි කුණාටුව තවදුරටත් ප්‍රබල වෙයි – ධීවර හා නාවික කටයුතුවලට දැඩි...

‘මුරසු’ සුළි කුණාටුව තවදුරටත් ප්‍රබල වෙයි – ධීවර හා නාවික කටයුතුවලට දැඩි සීමා

බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ධනය වෙමින් පවතින ‘මුරසු’ සුළි කුණාටුව ඉදිරි කාලය තුළ තවත් ශක්තිමත් වී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවයි.වාර්තා වන පරිදි ඊයේ (01) රාත්‍රී 11.30 වන විට මෙම සුළි කුණාටුව කන්කසන්තුරය ප්‍රදේශයට කිලෝමීටර් 480ක පමණ දුරින්, උතුරු දෙසට වන්නට ඊසාන දිශාවෙන් පිහිටා තිබුණි.එය බටහිර වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකි අතර, අද (02) මධ්‍යම රාත්‍රියත් හෙට අලුයම් කාලයත් අතරතුර ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවීමේ හැකියාවක් පවතී.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් උතුරු අක්ෂාංශ 10ත් 17ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු කලාපවල ධීවර හා නාවික කටයුතුවලින් ඉවත්ව සිටින ලෙස උපදෙස් ලබා දී තිබේ.එමෙන්ම මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස දැනුම් දී ඇත.මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර පවතිනු ඇතැයි සඳහන් වේ.හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළාසන්න මුහුදු කලාපවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 45ත් දක්වා ඉහළ යා හැකිය.ඒ අනුව ධීවර හා නාවික ප්‍රජාවට ආරක්ෂාව සලසා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments