අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් උපවාසයක නිරතව සිටි කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කස්සප හිමිට අමතරව තවත් ස්වාමීන් වහන්සේලා තිදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.එමෙන්ම සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව කස්සප හිමි ඇතුළු පිරිස ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබුණි.

