Homeසියලුම පුවත්එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දරුණු රිය අනතුරකින් 14 දෙනෙකු මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දරුණු රිය අනතුරකින් 14 දෙනෙකු මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි ෂෙයික් කලීෆා බින් සයිඩ් ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දරුණු ට්‍රක් රථ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.රියදුරුට ට්‍රක් රථය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් එය තවත් වාහන කිහිපයක ගැටී පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.අනතුරින් ඉන්දීය ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 30කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා තිබේ.අනතුර සිදුවීමත් සමඟ ට්‍රක් රථයේ ගින්නක් හටගෙන ඇති අතර, එය තවත් වාහන කිහිපයකට පැතිර යාමෙන් ජීවිත හානි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.ෆුජයිරා පොලිසිය පවසන්නේ අධික රථවාහන තදබදය හේතුවෙන් සෙමින් ධාවනය වූ වාහන පෙළකට පාලනයෙන් ගිලිහුණු ට්‍රක් රථය ගැටී පෙරළීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments