Homeසියලුම පුවත්උසස් අධ්‍යාපනය සඳහා බෙලරුස් යන ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහස්

උසස් අධ්‍යාපනය සඳහා බෙලරුස් යන ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහස්

උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර තිබේ.විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පසුගිය මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සහනය හිමිවූ බවයි.මීට අමතරව බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට එරටට පැමිණීම සඳහා වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමටද අවශ්‍ය පියවර ආරම්භ කර තිබේ.මෙම තීරණය හේතුවෙන් බෙලරුස්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මෙන්ම එරට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද සහන සැලසෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments