Homeසියලුම පුවත්ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමක් – මුහුදු ගමන්වලින් වළකින්නැයි...

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමක් – මුහුදු ගමන්වලින් වළකින්නැයි දැනුම්දෙයි

තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳව අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාව වෙත රතු නිවේදනයක් නිකුත් කර තිබේ.ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.දිවයිනට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (15) දිනය වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එම කාලගුණ පද්ධතිය හෙට (16) දිනය වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාවද පවතී.අනතුරු ඇඟවීම බලපාන මුහුදු ප්‍රදේශ:- ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය.- උතුරු අක්ෂාංශ 5ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශ.- කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ.මෙම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.එමෙන්ම දැනටමත් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments