Homeසියලුම පුවත්බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 5කට අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 5කට අත්හිටුවයි

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය තාක්ෂණිකව යාවත්කාලීන කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.ඒ අනුව, අදාළ කාලසීමාව තුළ ආදායම් බලපත්‍ර ලබාගැනීමට නියමිතව තිබූ වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.එසේම, www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සේවාවද නොවැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments