Saturday, January 24, 2026
Homeදේශීයකොව්ඩ් හඳුනාගත් පසු වේගයෙන්ම පැතිරෙන ප්‍රභේදය ලංකාවේ , ඉදිරියේ තත්ත්වය දරුණුයි

කොව්ඩ් හඳුනාගත් පසු වේගයෙන්ම පැතිරෙන ප්‍රභේදය ලංකාවේ , ඉදිරියේ තත්ත්වය දරුණුයි

ලොව පුරා වේගයෙන් පැතිරී යන බී.ඒ 5 කොවිඩ් අනුප්‍රභේදය දැනට කොළඹ ආශ්‍රිතව පැතිරී යන කොවිඩ් අනුප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මක ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට අනුව එය තහවුරු කරගෙන ඇතිබව කියන මහාචාර්යවරයා  කොව්ඩ් 19 හඳුනාගැනිමෙන් අනතුරුව ලොව වේගයනේම පැතිරී යන කොවිඩ් අනු ප්‍රභේදය  බී.ඒ 5 අනු ප්‍රභේදය බව පවසන්නේය.

ඉදිරියේ දී කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රමාණය වැඩි විය හැකි බව මහාචාර්යවරයා කියයි.

මේ ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ දී  ඖෂධ සහ ප්‍රතිකා විදි පවත්වා ගැනීමට නොහැකි පරිසරයක  කොවිඩ් ව්‍යාප්ත වුවහොත් ඇතිවිය හැකි බිහිසුණු තත්ත්වය ගැන  සෞඛ්‍ය අංශ දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබිනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments